මහජනතාවට කාසි නිකුත් කිරිම සඳහා අද(27)සිට කවුළුවක් විවෘත කරන බව ශ්රී ලංකා මහ බැංකුව ප්රකාශ කළා.
ඒ මහ බැංකු මූලස්ථානයේ බිම් මහලේදී. රජයේ සහ බැංකු නිවාඩු දිනවල හැර සෑම සතියකම බදාදා සහ බ්රහස්පතින්දා පෙරවරු නවයේ සිට පෙරවරු 11 දක්වා ගනුදෙනු සඳහා එය විවෘත කිරිමටයි කටයුතු යොදා තිබෙන්නේ.
රුපියල් විසි දහසක උපරිම වටිනාකමකට යටත්ව කවුළුවෙන් කාසි ලබාගත හැකි බව මහ බැංකුව සඳහන් කළා.