fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ඩුබායිවලින් පිටුවහල් කළ නදීමාල් දිවයිනට

ITN News Editor
By ITN News Editor මාර්තු 27, 2019 08:41

ඩුබායිවලින් පිටුවහල් කළ නදීමාල් දිවයිනට

මාකදුරේ මධුෂ් සමග ඩුබායිහි දී අත්අඩංගුවට පත්ව එරට රිමාන් බන්ධනාගාර ගතව සිටි දෙදෙනෙකු එරටින් පිටුවහල් කර ඇති බව සදහන් වනවා.

ගායක අමල් පෙරේරාගේ පුත් නදීමාල් පෙරේරා සහ තවත් අයෙකු ඒ අතර වන බවයි එම වාර්තා සදහන් කරන්නේ. මාකදුරේ මධුෂ් සමග පිරිසක් අත්අඩංගුවට පත්වූයේ එරට සාදයකදීයි. ඒ මත්ද්‍රව්‍යද සමගයි.

නදීමාල් පෙරේරා මත්ද්‍රව්‍ය භාවිත කර නැති බව අදාළ පරීක්ෂණවලදී හෙළිවුණා. ඒ අනුව ඔහු නිදහස්කර ඇති බවටයි වාර්තා වන්නේ.

කෙසේ වෙතත් අදාළ පුද්ගලයින් දෙදෙනා මෙරටට පැමිණි පසු රහස් පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කිරීමට නියමිත බවද අදාළ වාර්තා සදහන් කරනවා.

 

 

 

ITN News Editor
By ITN News Editor මාර්තු 27, 2019 08:41

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්