fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

සියලු අධිවේගී මාර්ගවලට ඉලෙක්ට්‍රොනික් ගෙවීම් ක‍්‍රම

ITN News Editor
By ITN News Editor මාර්තු 27, 2019 08:37

සියලු අධිවේගී මාර්ගවලට ඉලෙක්ට්‍රොනික් ගෙවීම් ක‍්‍රම

සියලු අධිවේගි මාර්ග සඳහා ඉලෙක්ට්‍රොනික ගාස්තු ගෙවිමේ ක‍්‍රමවේදය හදුන්වාදීමේ වැඩපිළිවෙලක් ආරම්භ වුනා.

2020 වනවිට එය සම්පූර්ණයෙන් ක‍්‍රියාත්මක කිරිමයි අරමුණ. මේ වනවිට එම ක‍්‍රමය ක‍්‍රියාත්මක වන්නේ කටුනායක අධිවේගී මාර්ගයේ පමණයි. ක‍්‍රමානුකූලව අනෙකුත් මාර්ගවලට ද ඉලෙක්ට්‍රොනික ගෙවීම් ක‍්‍රමය හදුන්වාදෙන බවයි අධිවේගි මාර්ග මෙහෙයුම් අධ්‍යක්ෂ එස් ඕපනායක මහතා සඳහන් කළේ.

කටුනායක අධිවේඟී මාර්ගයේ ලියාපදිං චි වාහන සඳහා දක්ෂින අධිවේඟී මාර්ගය භාවිත කිරිමට ද කඩිනමින් පහසුකම් සලසන බවයි එස් ඕපනායක මහතා පවසන්නේ.

ITN News Editor
By ITN News Editor මාර්තු 27, 2019 08:37

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්