විදුලිය නිෂ්පාදනය සිදුකෙරෙන ජලාශවල ජල මට්ටම ශීඝ්‍රයෙන් පහතට
Related Articles
විදුලිය නිෂ්පාදනය සිදුකෙරෙන ජලාශවල ජල මට්ටම ශීඝ්‍රයෙන් පහත බසිමින් පවතිනවා. කාසල්රී හා මාවුස්සාකැලේ ජල පෝෂක ප්‍රදේශවලට කෘතිම වැසි ඇති කිරීමේ ව්‍යාපෘතිය ද තාවකාලිකව නතර කෙරුණා. විදුලි අර්බුදයට විසදුම් ලබාදෙන වැඩපිළිවෙළ ඉදිරියේ දී පාර්ලිමේන්තුවට දැනුම් දෙන බවයි අමාත්‍ය රවී කරුණානායක මහතා ප්‍රකාශ කරන්නේ.
මාවුස්සාකැලේ ජලාශයේ ජල ධාරිතාව අද වනවිට පිටාර මට්ටමේ සිට අඩි 62 ක් අගල් හයක් දක්වා පහත බැස තිබෙනවා. එහි දැනට පවතින ජල ධාරිතාවෙන් අඩි හයක් පමණක් විදුලි උත්පාදනයට ලබාගත හැකියි. කාසල්රී ජලාශයේ ජල මට්ටම පිටාර මට්ටමේ සිට අඩි 48 ක් දක්වා පහත බැස තිබෙනවා. එහි දැනට තිබෙන ජල ධාරිතාවෙන් විදුලි උත්පාදනයට ලබාගත හැකි වන්නේ අඩි 10 ක් පමණයි. මාවුස්සාකැලේ ජලාශයේ ජල මට්ටම පහත බැසීමෙන් ජලාශයට යටවී තිබූ පැරණි ශ්‍රී සම්මුගනාදන් කෝවිලේ ද පූජා කටයුතු සිදුකිරීමට ප්‍රදේශවාසීන් සහභාගිවනවා. 1917 වසරේදී මෙම කෝවිල සම්පූර්ණ කළුගලෙන් නිර්මාණය කර තිබෙනවා. මේ අතර කොත්මලේ ජලාශයේ ජල මට්ටම පහත බැසීමෙන් එම ජලාශයට යටවී තිබූ කඩදොර රජ මහා විහාරය මෙන්ම තිස්පනේ විහාරය ද දැන් මතුව තිබෙනවා. මතුව ඇති විදුලි අර්බුදයට විසදුම් ලබාදීමට රජය පියවර රැසක් ගෙන ඇති බවයි අමාත්‍ය රවී කරුණානායක මහතා ප්‍රකාශ කරන්නේ.