fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

අසාර්ථක වූ හෙද වර්ජනය (Video)

ITN News Editor
By ITN News Editor මාර්තු 26, 2019 15:04

අසාර්ථක වූ හෙද වර්ජනය (Video)

රාජ්‍ය සේවා එක්සත් හෙද සංගමය වැඩ වර්ජනයක් සිදුකළ ද දිවයින පුරා රෝහල්වල සත්කාරක සේවා සාමාන්‍ය පරිදී සිදු කෙරෙන බව අප වාර්තාකරුවන් පවසනවා.

සැමට හෙද උපාධිය ලබා දිය යුතු බව සහ හෙද සේවය දීප ව්‍යාප්ත හෙද සේවාවක් බවට පත් කිරීම ඇතුළු ඉල්ලීම් රැසක් මුල්කර ගනිමිනුයි හෙද හෙදියන් අදත් හෙටත් වෘත්තීය ක්‍රියාමාර්ගයකට එළඹෙන බවට නිවේදනය කළේ. ඒ අනුව අද සහ හෙට ලෙඩ නිවාඩු දමා සේවයට වාර්තා නොකිරීමේ වෘත්තීය ක්‍රියාමාර්ගයකටයි ඔවුන් අවතීර්ණ වී ඇත්තේ.  එහෙත් රජයේ හෙද නිලධාරීන්ගේ සංගමය නිවේදනය කළේ තම සංගමයට අයත් හෙද හෙදියන් මෙම වෘත්තීය ක්‍රියාමාර්ගයට එළඹෙන්නේ නැති බවයි.

කෙසේ වුවද අද දිනයේ රෝහල්වල කටයුතු සාමාන්‍ය පදිරි ක්‍රියාත්මක වූ බවයි වෛද්‍යවරුන් මෙන්ම රෝගීන්ද පවසන්නේ.

 

ITN News Editor
By ITN News Editor මාර්තු 26, 2019 15:04

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්