fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

බලපිටිය රේවත විද්‍යාලය වීරහටන ජය ගනී

ITN News Editor
By ITN News Editor මාර්තු 26, 2019 16:20

බලපිටිය රේවත විද්‍යාලය වීරහටන ජය ගනී

බලපිටිය සිද්ධාර්ථ විද්‍යාලය සමග පැවති තිස්දෙවන  වීරහටන වාර්ෂික ක්‍රිකට් තරගය ජයග්‍රහණය කිරිමට බලපිටිය රේවත විද්‍යාලය සමත් වුනා.

බලපිටිය සිද්ධාර්ථ විද්‍යාලයීය ක්‍රිඩාංගනයේ පැවති තරගයේ පළමුව පන්දුවට පහර දුන් සිද්ධාර්ථ විද්‍යාලයීය කණ්ඩායම පළමු ඉනිම වෙනුවෙන් සියලු දෙනා දැවි ලකුණු 102ක් රැස් කළා. පිලිතුරු ඉනිම ක්‍රිඩා කළ බලපිටිය රේවත විද්‍යාලයීය කන්ඩායම කඩුලු නවයක් දැවි ලකුණු 189ක් ලබා ගෙන සිටියදී ඉනිම අත්හිටුවීමට තීරණය කළා. දෙවන ඉනිම ක්‍රිඩා කළ සිද්ධාර්ථ විද්‍යාලයීය කණ්ඩායම සියලු දෙනා දැවි ලකුණු 110ක්  ලබා ගත්තා. ජයග්‍රහණය සදහා ලකුණු 24 ක ඉලක්කයක් හඹා ගිය බලපිටිය රේවත විද්‍යාලීය  කණ්ඩායම කිසිවෙකු නොදැවී  එම ඉලක්කය පසු කළා.

 

 

ITN News Editor
By ITN News Editor මාර්තු 26, 2019 16:20

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

ක්‍රිකට්- තවත් මෙතනින්

පාපන්දු- තවත් මෙතනින්

මලල ක්‍රීඩා- තවත් මෙතනින්

වෙනත් ක්‍රීඩා- තවත් මෙතනින්