වෙනිසියුලාවේ පවතින දේශපාලන අර්බුදය හමුවේ රටපුරා යළි විදුලිය විසන්ධිවීමක් සිදුව තිබෙනවා.
පසුගිය සති දෙකකට පෙරද වෙනිසියුලාවේ සිදුවු විදුලිය විසන්ධිවීම හේතුවෙන් රට පුරා ජනතාව මහත් අපහසුතාවට පත්වුණා. වෙනිසියුලාවේ කරාකස් අගනුවර ඇතුළු ප්රදේශ රැසකටම විදුලිය නොමැති බවයි එරට වාර්තා සදහන් කරන්නේ. ඉන් මිලියන හයක පමණ ජනතාවකට පීඩා එල්ලවී තිබෙනවා. මෙම විදුලිය විසන්ධිවීම සම්බන්ධයෙන් ජනාධිපති නිකොලස් මදුරෝ එරට විපක්ෂයට චෝදනා කරනවා.