තෙල් පිරිපහදු කටයතු අධ්‍යනය සදහා ශ්‍රී ලංකා දූත පිරිසක් ලබන මාසයේදී ඕමානයට එවන ලෙස ඕමාන තෙල් සහ ගෑස් අමාත්‍ය මොහොමඩ් අහමඩ් අල් රම්ෆි මහතා ආරාධනා කළා. ඒ අමාත්‍ය මලික් සමරවික්‍රම මහතා හමු වු අවස්ථාවේදී.
අමාත්‍යවරුන් අතර හමුව කොළඹ දී ඊයේ සිදු කෙරුණා. ඕමාන තෙල් සහ ගෑස් අමාත්‍යවරයා ඇතුළු එරට නියෝජිතයන් පිරිසක් ඊට එක් වුනා. ශ්‍රී ලංකාවේ තෙල් පිරිපහදු කටයුතුවල සංවර්ධනය වෙනුවෙන් ඕමානයෙන් ලබා ගත හැකි සහය සම්බන්ධයෙන් මෙහිදි සාකච්ඡා කෙරුණා. ශ්‍රී ලංකාව නියෝජනය කරමින් කබිර් හෂිම්, රිෂාඩ් බදියුදීන් යන අමාත්‍යවරුන් ඇතුළු මැති ඇමතිවරුන් පිරිසක්ද එක් වුණා.