fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

රාජස්ථාන් රෝයල් පරදවා කිංග්ස් ඉලවන් ලකුණු 14ක ජයක් වාර්තා කරයි

ITN News Editor
By ITN News Editor මාර්තු 26, 2019 10:53

රාජස්ථාන් රෝයල් පරදවා කිංග්ස් ඉලවන් ලකුණු 14ක ජයක් වාර්තා කරයි

ඉන්දිය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ රාජස්ථාන් රෝයල් කණ්ඩායම සමග පැවති තරගයෙන් ලකුණු 14ක ජයක් වාර්තා කිරිමට කිංග්ස් ඉලවන් පන්ජාබ් කණ්ඩායම සමත් වුණා. එම තරගය මතභේදයට තුඩුදුන් දවා ගැනිමක් සමගයි නිමාවට පත් වුණේ.

ජයිපූර්හි පැවති තරගයෙන් පළමුවෙන් පන්දුවට පහරදුන් කිංග්ස් ඉලවන් පන්ජාබ් කණ්ඩායම කඩුලු 04ක් දැවි ලකුණු 184ක් ලබා ගත්තා.  එහිදි ක්‍රිස් ගේල් හයේ පහර හතරක් සහ හතරේ පහර අටක් සමගින් ලකුණු ලකුණු 79ක් සිය ඉනිමට එක් කළා. පිලිතුරු ඉනිම ක්‍රිඩා කිරිමට පිටියට පිවිසි  රාජස්ථාන් රෝයල් කණ්ඩායමට ලබා ගත හැකි වුයේ කඩුලු 09ක් දැවි ලකුණු 170ක් පමණයි. එම කණ්ඩායම නියෝජනය කළ ජොස් බට්ලර් ලකුණු 69ක් ලබා සිටියදී දවා ගැනිමට කිංග්ස් ඉලවන් පන්ජාබ් කණ්ඩායම නියෝජනය කළ අශ්වින් සමත් වුණා. ඔහු මැන්කාඩ් ක්‍රමය යටතේයි එම දවා ගැනිම සිදු කළේ. නිත්‍යානුකුලව එවැනි දවා ගැනිමක් සිදු කළ හැකි නමුත් එම දවා ගැනිම මහත්වරුන්ගේ ක්‍රිඩාවේ ජීව ගුණයට කොපමණ දුරකට යෝග්‍ය දැයි ක්‍රිඩා විචාරකයින්, ක්‍රිකට් ක්‍රිඩකයින් ප්‍රශ්න කර සිටිනවා. මිට පෙර 2014 වසරේදීද ශ්‍රී ලංකා කන්ඩායම එංගලන්ත සංචාරයේදී ජොස් බට්ලර් ශ්‍රී ලංකා  ක්‍රිඩක සචිත්‍ර සේනානයක අතින්  මෙවැනිම ආකාරයෙන් දැවි ගියා. කෙසේ වෙතත් එහිදි සචිත්‍ර සේනානායක අවස්ථා දෙකකදී ඔහුට අනතුරු ඇගවිමක් සිදු කර තිබු අතර ඉන් අනතුරුවයි මැන්කාඩ් ක්‍රමය යටතේ ජොස් බට්ලර් දවා ගැනිමට කටයුතු කළේ.

 

 

ITN News Editor
By ITN News Editor මාර්තු 26, 2019 10:53

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

ක්‍රිකට්- තවත් මෙතනින්

පාපන්දු- තවත් මෙතනින්

මලල ක්‍රීඩා- තවත් මෙතනින්

වෙනත් ක්‍රීඩා- තවත් මෙතනින්