fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ඇතුගල්පුර සටන ජය පරාජයෙන් තොරව අවසන්

ITN News Editor
By ITN News Editor මාර්තු 26, 2019 08:52

ඇතුගල්පුර සටන ජය පරාජයෙන් තොරව අවසන්

කුරුණෑගල මලියදේව සහ ශාන්තආනා විද්‍යාල අතර පැවති තිස් හයවන ඇතුගල්පුර සටන මහා ක්‍රිකට් තරගය ජය පරාජයෙන් තොරව නිමාවට පත් වුනා.

කුරුණෑගල වෙලගෙදර ක්‍රිඩාංගනයේ පැවති තරගයේ කාසියේ වාසිය දිනා ශාන්ත ආනා විද්‍යාලයීය කණ්ඩායම පළමුවෙන් පන්දු රැකිමට තිරණය කළා. ඒ අනුව පිටියට පිවිසි මලියදේව ක්‍රිඩකයින් සිය පළමු ඉනිම වෙනුවෙන් සියලු දෙනා දැවි ලකුනු 172ක් ලබා ගත්තා. පිලිතුරු ඉනිම ක්‍රිඩා කිරිමට පිටියට පිවිසි ශාන්ත ආනා විද්‍යාලයීය කණ්ඩායම පළමු දිනයට තරගය නතර කරන විට කඩුලු 4ක් දැවි ලකුණු 129ක් ලබා ගත්තා. දෙවන දිනයේදී ද ක්‍රිඩා කළ ශාන්ත ආනා  විද්‍යාලයීය කණ්ඩායම කඩුලු නවයක් දැවි ලකුනු 278ක් ලබා සිටියදී ඉනිම අත්හිටුවීමට තීරණය කළා.අනතුරුව පිටියට පිවිසි කුරුණෑගල මලියදේව විද්‍යාලයීය කණ්ඩායමට තරගය නිමාවන විට ලබා ගත හැකි වුයේ  කඩුලු 03ක් දැවි ලකුණු 109 ක් පමණයි.

 

 

 

ITN News Editor
By ITN News Editor මාර්තු 26, 2019 08:52

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

ක්‍රිකට්- තවත් මෙතනින්

පාපන්දු- තවත් මෙතනින්

මලල ක්‍රීඩා- තවත් මෙතනින්

වෙනත් ක්‍රීඩා- තවත් මෙතනින්