කෙසෙල්වත්ත ප්‍රදේශයේදී කළ වැටලීමකදී තවත් අපරාධ කල්ලි සාමාජිකයකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මෙම පුද්ගලයා මහා පරිමාන මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු වන රාජපක්ෂ ආරච්චිගේ දිනුක මදුශාන් නොහොත් කෙසෙල්වත්ත දිනුක යන අයගේ සමීපතයකු බවයි පොලීසිය ප්‍රකාශ කරන්නේ.
මෙම පුද්ගලයා ලග තිබී හොරොයින් මත්ද්‍රව්‍ය ද සොයා ගෙන තිබෙනවා. කෙසෙල්වත්ත ප්‍රදේශයේ සිදු වූ ඝාතනයන් සම්බන්ධයෙන් කළ පරීක්ෂණවලදී මෙම අපරාධ කල්ලි සාමාජිකයා පිළිබඳ තොරතුරු හෙළි කර ගත් බවයි පොලීසිය පවසන්නේ. සැකකරු මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.