මැයි රැළියට කලින් නව පෙරමුණක්
Related Articles
මැයි රැළියට පෙර නව පෙරමුණ ප්‍රකාශයට පත්කරන බව එක්සත් ජාතික පක්ෂ මහ ලේකම් අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා ප්‍රකාශ කළා. ඒ සඳහා නව වැඩපිළිවෙලක්ද ආරම්භ කර තිබෙනවා.
එක්සත් ජාතික පක්ෂය සමඟ එක්වීමට සූදානමින් සිටින සියලු පක්ෂ නියෝජිතයන් සමඟ මීළඟ ජාතික මැතිවරණය ජයග්‍රහණය කිරිම අපේක්ෂාවයි.
මේ වන විටත් පක්ෂ ප්රතිසංවිධාන කටයුතු ආරම්භ කර තිබෙනවා. මැයි දිනයෙන් පසු සිරිකොත ගමට වැඩසටහන අනුරාධපුර දිස්ති‍්‍රක්කයේ පවත්වන බවයි අමාත්‍යවරයා සදහන් කළේ.