අබුඩාබි රාජ්‍යයේ, විශේෂ අවශ්‍යතා සහිත දරුවන් සදහා පවත්වන ලද ස්පෙෂල් ඔලිම්පික් ක්‍රීඩා උළෙලේදී ශ්‍රී ලංකාව නියෝජනය කළ ක්‍රිඩකයන් ජයග්‍රහණ රැසක් ලබා ගැනිමට සමත් වුනා. නැවත දිවයිනයට පැමිණි ක්‍රීඩක ක්‍රීඩිකාවන් පිලිගැනිමේ උත්සවයක් පෑලියගොඩ ප්‍රදේශයේදී සංවිධාන කර තිබුණා.
මෙම තරගාවලිය සඳහා රටවල් 190ක් නියෝජනය කරමින් ක්‍රිඩක ක්‍රිඩිකාවන් සහභාගි වී සිටියා. ඊට සහභාගි වූ කිරිබත්ගොඩ සෙරන්ඩිබ් විද්‍යාලයේ දරුදැරියන් මෙම ජයග්‍රහණය ලබා ගැනිමට සමත්වුණා. එහිදි මළල ක්‍රීඩා, පිහිණුම් සහ බැඩ්මින්ටන් යන තරගවලින් රන්, රදි සහ ලෝකඩ පදක්කම් හිමි කර ගැනිමට ඔවුන්ට හැකියාව ලැබුණා. ශ්‍රී ලංකාවේ අභිමානය ජාත්‍යන්තරයට රැගෙන යාමට ඔවුන් සිදු කළ මෙහෙවර අගයමින් විශාල පිරිසක් මෙම උත්සවයට සහභාගි වුණා.