fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

එංගලන්ත කාන්තා ක්‍රිකට් කණ්ඩායමට පහසු ජයක්

ITN News Editor
By ITN News Editor මාර්තු 25, 2019 13:44

එංගලන්ත කාන්තා ක්‍රිකට් කණ්ඩායමට පහසු ජයක්

ශ්‍රී ලංකා කාන්තා  ක්‍රිකට් කණ්ඩායම සමග පැවති පළමු විස්සයි විස්ස ක්‍රිකට් තරගය පහසුවෙන් ජයග්‍රහණය කිරිමට එංගලන්ත කාන්තා ක්‍රිකට් කණ්ඩායම සමත් වුණා.

කොළඹ පී සරවනමුත්තු ක්‍රිඩාංගනයේ පැවති තරගයේ කාසියේ වාසිය දිනු ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහරදීමට තීරණය කළා. ඒ අනුව පටියට පිවිසි ඔවුන් පන්දුවාර 19ක් අවසානයේ සියලු දෙනා දැවි ලකුණු 94ක් ලබා ගත්තා. අචිනි කුලසූරිය ලකුණු 20ක්, හංසිමා කරුණාරත්න ලකුණු 19ක් සහ ඉමල්කා මෙන්ඩිස් ලකුණු 14ක් ද ඉනිමට එක් කළා. අනෙකුත් කිසිම ශ්‍රී ලංකා ක්‍රිඩිකාවකට ලකුනු 10 සීමාව පසුකිරිමට හැකි වුණේ නැහැ. ජයග්‍රහනය සදහා ලකුණු 95 ක ඉලක්කයක් හඹා ගිය එංගලන්ත කාන්තා ක්‍රිකට් කණ්ඩායම පන්දුවාර 14යි පන්දු 02ක් අවසානයේදී කඩුලු 02ක් පමණක් දැවි එම ඉලක්කය පසු කළා. ටැමි බියුමන්ට් නොදැවි ලකුනු 50ක් ලබා ගත්තා.

 

 

 

 

ITN News Editor
By ITN News Editor මාර්තු 25, 2019 13:44

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

ක්‍රිකට්- තවත් මෙතනින්

පාපන්දු- තවත් මෙතනින්

මලල ක්‍රීඩා- තවත් මෙතනින්

වෙනත් ක්‍රීඩා- තවත් මෙතනින්