ඩෙංගු රෝග ව්‍යාප්තියේ අඩුවීමක් ඇතැයි ජාතික ඩෙංගු මර්දන ඒකකයේ ප්‍රජා විශේෂඥ වෛද්‍ය ප්රසිලා සමරවීර මහත්මිය ප්‍රකාශ කළා.
මේ වසරේ ගතවූ කාලය තුළදී වාර්තාවී ඇති ඩෙංගු රෝගීන්ගේ සංඛ්‍යාව එකොළොස් දහස් තුන්සිය විසිතුනක්. එය පසුගිය වසර දෙකට සාපේක්ෂව විශාල අඩුවීමක් බවයි ප්රසිලා සමරවීර මහත්මිය පෙන්වාදුන්නේ.
දින දෙකකට වඩා වැඩියෙන් උණ පවතී නම් වහාම වෛද්‍යවරයෙකු හමුවන ලෙසයි විශේෂඥ වෛද්‍යවරිය ජනතාවට දැනුම් දෙන්නේ.