එළඹෙන අප්‍රේල් 03 වනදා රටේ සියලු දෙනා මත්ද්‍රව්‍යවලට විරුද්ධව බක්මහ දිවුරුම නමින් දිවුරුමක් ලබා දීමට කටයුතු කරන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා පවසනවා.
පොළොන්නරුවේ පාසලක පැවති උත්සවයක් අමතමින් ජනාධිපතිතුමා තවදුරටත් පැවසුවේ අප්‍රේල් 03 වැනිදායින් පසු මත්ද්‍රව්‍ය වැටලීම් තවත් ඉහළ නංවන බවයි.
හිගුරක්ගොඩ ආනන්ද බාලිකා ජාතික පාසලේ පිහිනුම් තටාකය විවෘත කිරීමේ උත්සවයට පැමිණි ජනාධිපතිතුමා සිසු දරුවන් විසින් මහත් හරසරින් පිළිගත්තා. අනතුරුව රුපියල් ලක්ෂ 440 ක වියදමින් ඉදිකළ පිහිනුම් තටාකය විවෘත කෙරුණේ ජනාධිපතිතුමා අතින්. ඉන් අනතුරුව පොළොන්නරුව හිගුරක්ගොඩ අධ්‍යාපන කලාපයේ පාසල් සහ පිරිවෙන් සදහා පුස්තකාල පොත් පිරිනැමීමද සංකේතාත්මකව ජනාධිපතිතුමා සිදු කළා. අනතුරුව රැස්ව සිටි පිරිස ඇමතූ ජනාධිපතිතුමා පෙන්වා දුන්නේ මත්ද්‍රව්‍ය උවදුර ජාතික ව්‍යසනයක් බවට පත්ව ඇති බවයි.
[ot-video type=”youtube” url=”https://www.youtube.com/watch?v=Wb7Jzaevfbk&feature=youtu.be&fbclid=IwAR3IGkhYWsrZiWvHVIdpuib_acAGCosgePfdb_8l4NlhzATj-RUvbVSRWqE”]
මේ අතර පිබිදෙමු පොළොන්නරුව දිස්ත්‍රික් සංවර්ධන වැඩසටහන යටතේ රුපියල් ලක්ෂ 600 ක වියදමින් මින්නේරිය ජාතික පාසලේ ඉදිකළ නව පංති කාමර ගොඩනැගිල්ල හා ශ්‍රවණාගාරය සිසු අයිතියට පවරා දීම ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් සිදුකෙරුණා. විද්‍යාලයේ සිසු දරුවන් විසින් ජනාධිපතිතුමා මහත් සෙනෙහසින් යුතුව පිළිගනු ලැබුවා. සමරු ඵලකය නිරාවරණය කර නව තෙමහල් පංති කාමර ගොඩනැගිල්ල හා ශ්‍රවණාගාරය සිසු අයිතියට පවරා දුන් ජනාධිපතිතුමා එහි නිරීක්ෂණ චාරිකාවක ද නිරත වුණා.
විද්‍යාලයේ අඩුපාඩු කිහිපයක් පිළිබඳ දරුවන් කරන ලද ඉල්ලීමට අනුව විද්‍යාලය වෙත ප්රතිආශ්රැතකරණ ජල පද්ධතියක් හා බටහිර තූර්ය වාදන කණ්ඩායම සඳහා ඇඳුම් ලබා ගැනීමට අවශ්‍ය ප්‍රතිපාදන ලබාදීමට ඉදිරි සති දෙක තුළදී කටයුතු කරන බව ජනාධිපතිතුමා සඳහන් කළා. ප්‍රදේශයේ නිවාස නොමැති පවුල් කිහිපයක් වෙනුවෙන් ඉදිකෙරුණු නිවාසවල හිමිකම් ප්රදානය කිරීම ද මෙහිදී ජනාධිපතිතුමා අතින් සිදුකෙරුණා. හිඟුරක්ගොඩ අධ්‍යාපන කලාපයේ අලුත්ඔය කණිෂ්ට විද්‍යාලයේ නව පංති කාමර ගොඩනැගිල්ල සිසු අයිතියට පවරා දීමේ අවස්ථාවට ජනාධිපතිතුමා එක්වුණේ ඉන් අනතුරුවයි. විද්‍යාලයේ දරුවන් ජනාධිපතිතුමා මහත් සෙනෙහසින් යුතුව පිළිගත්තා. සමරු ඵලකය නිරාවරණය කර නව පංති කාමර ගොඩනැගිල්ල සිසු අයිතියට පවරා දීම ජනාධිපතිතුමා අතින් සිදුකෙරුණේ ඉන් අනතුරුවයි. ජනාධිපතිතුමා විද්‍යාලයේ සෙසු අඩුපාඩු පිළිබඳව ද සොයා බැලීමට අමතක කළේ නැහැ.
මේ අතර අලුත්ඔය විද්‍යාලය ඉදිරිපිට ඉදිකළ මිණිහිරිගම හෙළ බොජුන්හල විවෘත කෙරුණේ ද ජනාධිපතිතුමා අතින්.