සුළු හා මධ්‍ය පරිමාණ සහල් නිශ්පාදකයන් දිරි ගැන්වීමේ අරමුණෙන් වී මිලදී ගැනීමට රජය රුපියල් මිලියන දහසක මුදලක් වෙන් කර තිබෙනවා.
සමූපකාර අමාත්‍යාංශය සමඟ ඒකාබද්ධව මිලදී ගන්නා වී තොග සහල් බවට පත්කර අලෙවි කිරීමට අදාළ ගිවිසුමට ඊයේ අත්සන් තැබුණා. ඒ පොළොන්නරුව අතිරේක දිස්ත්‍රික් ලේකම් ඩබ්ලිව් එම් පී ඒකනායක මහතා සහ සමූපකාර අමාත්‍යාංශ නිලධාරීන්ගේ ප්‍රධානත්වයෙන්. මධ්‍යස්ථාන 50කදී වී තොග මිලදී ගෙන සහල් බවට පත්කර වෙළෙදපොලට නිකුත් කිරීමට මෙහිදී අපේක්ෂාකරන අතර උත්සව සමයේ ඉහළ යන සහල් මිල පාලනය කිරීමට ද හැකියාව ලැබෙනවා. මේ හරහා තම ව්‍යාපාර කටයුතු වඩාත් ශක්තිමත් වන බවයි සහල් ව්‍යාපාරිකයන් රජයට ස්තූතිය පළකරමින් කියා සිටින්නේ.