තවත් ඔසු සැල් දෙකක් අද ජනතා අයිතියට පත්කෙරෙනවා.ඒ මාතලේ සහ දඹුල්ල නගරවලදීයි.
අමාත්‍ය රාජිත සේනාරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් ඒවා විවෘත කෙරෙන බවයි සෞඛ්‍ය අමාත්‍යංශය සඳහන් කළේ. සෑම මැතිවරණ කොට්ඨාසයක් සඳහාම එක් ඔසු සැලැක් බැගින් ලබාදීමේ රජයේ වැඩපිළිවෙල යටතේ එය ක්‍රියාත්මකයි. කෑගල්ල, බදුල්ල, දර්ගා නගරය වැනි ප්‍රදේශවල ද ඉදිරියේදී ඔසු සැල් විවෘත කිරිමටයි සැලසුම් කර ඇත්තේ.