චීනය සහ ඉතාලිය නව වෙළෙද ගිවිසුමකට එළඹුණා. ඒ චීනයේ ගෝලීය ආයෝජන වැඩසටහනට අත්සන් තැබූ පළමු බටහිර රට බවට ඉතිහාසයට එක්වෙමින්.
චීන ජනාධිපති ෂී ජින්පින් සමඟ ඉතාලිය ගිවිසුම් 29 කට එළඹ තිබෙනවා. ඒවායේ ආසන්න වටිනාකම යුරෝ බිලියන 2 යි දශම 5 ක්. පැරණි සේද මාවත චීනයේ සිටි යුරෝපය දක්වා පුළුල්වීමක් එමගින් සිදුවනු ඇති බවයි ආර්ථික විශ්ලේෂකයන් පෙන්වාදෙන්නේ. චීනයේ නැඟී එන ආර්ථිකය පිළිබදව ඉතාලිය ප්රමුඛ යුරෝපා සංගමය දැඩි අවධානයක් යොමුකර තිබෙනවා.
ඒ ලොවපුරා රටවල යටිතල පහසුකම් සංවර්ධනය සඳහා චීනය අරමුදල් ලබාදීම පිළිබදව ද සලකා බලමින්. එය උපාය මාර්ගික දේශපාලන කි්රයාවක් බවටයි බොහෝ පාර්ශව මත පළකරන්නේ.