fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ගාල්ල මහින්ද විද්‍යාලයට කඩුලු 03ක විශිෂ්ට ජයක්

ITN News Editor
By ITN News Editor මාර්තු 24, 2019 13:43

ගාල්ල මහින්ද විද්‍යාලයට කඩුලු 03ක විශිෂ්ට ජයක්

ගාල්ල රිච්මන්ඩ්, මහින්ද විද්‍යාල අතර පැවති වාර්ෂික පන්දුවාර පනහ එක්දින ක්‍රිකට් තරගයෙන් කඩුලු 03ක විශිෂ්ට ජයක් ලබා ගැනිමට ගාල්ල මහින්ද විද්‍යාලය සමත් වුණා.

ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රිඩාංගනයේ පැවති තරගයේ කාසියේ වාසිය දිනු ගාල්ල රිච්මන්ඩ් විද්‍යාල ක්‍රිඩකයින් පළමුව පන්දුවට පහරදීමට තීරණය කළා. ඒ අනුව සිය පන්දු වාර පනහ අවසානයේදී කඩුලු 06ක් දැවි ලකුණු 170ක් ලබා ගත්තා. ජයග්‍රහණය සදහා ලකුණු 171ක ඉලක්කයක් හඹා ගිය ගාල්ල මහින්ද විද්‍යාලය පන්දුවාර 43යි පන්දු 03ක් අවසානයේදී කඩුලු 07ක් පමණක් දැවි එම ඉලක්කය පසු කිරිමට සමත් වුණා. මෙම වුඩ්වඩ් අභියෝගතා කුසලානය මහින්ද විද්‍යාලය දිනා ගත්තේ වසර අටකට පසුවයි.

 

 

ITN News Editor
By ITN News Editor මාර්තු 24, 2019 13:43

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

ක්‍රිකට්- තවත් මෙතනින්

පාපන්දු- තවත් මෙතනින්

මලල ක්‍රීඩා- තවත් මෙතනින්

වෙනත් ක්‍රීඩා- තවත් මෙතනින්