අන් කවර රජයකටත් වඩා වත්මන් රජය වතු සේවකයන්ට සහන සලසන බව අමාත්‍ය නවීන් දිසානායක මහතා පවසනවා. හරිත භූමි ඔප්පු ප්‍රදානයට එක්වෙමින් අමාත්‍යවරයා මෙම අදහස් පළ කළා.
මාතලේ ඇල්කඩුව වැවිලි සමාගමට අයත් වතු හයක කම්කරුවන් 300 කට මෙහිදී ඔප්පු ප්රදානය කෙරුණා. සැලගම, නාලන්ද, ඇල්කඩුව, කන්දෙනුවර, පිටන්ද හා ගම්මඩුව යන වතුවල සේවයේ නියුතු කම්කරුවන්ට ස්ථිර ඉඩමක හිමිකම් ලබාදීමේ වැඩසටහන යටතේ පර්චස් හතක ඉඩමක හිමිකම ඔවුන් වෙත ලබා දුන්නා. රාජ්‍ය අමාත්‍ය වඩිවෙල් සුරේෂ් මහතා ඇතුළු පිරිසක් ද මෙම අවස්ථාවට සහභාගී වුණා.
[ot-video type=”youtube” url=”https://youtu.be/1ZjBI0md4H4″]