ශ්‍රී ලංකා පාසල් රග්බි සංගමය සංවිධාන කළ වයස අවුරුදු 19න් පහළ ලීග් රග්බි තරගාවලියේ මරදාන සහිරා විද්‍යාලය අතර පැවති තරගය ජයග්‍රහණය කිරිමට කොළඹ ඉසිපතන විද්‍යාල කණ්ඩායම සමත් වුණා.
හැව්ලොක්ස් ක්‍රිඩාපිටියේ පැවති තරගයේ පළමු අර්ධය නිමාවන විට මරදාන සහිරා විද්‍යාලයීය රග්බි කණ්ඩායම ලකුණු 03ක් ලබා සිටියා. ඊට එක් දඩුවම් පහරක් ඇතුලත්. එම අර්ධයේදී කොළඹ ඉසිපතන විද්‍යාල රග්බි කණ්ඩායම ලකුණු 07ක් වාර්තා කළා. ඊට උත්සාහක ගෝල දිනුමක් සහ ප්රවර්තනයක් ඇතුලත්. තරගය අවසන් අර්ධයේදී අක්රමණශිලි තරග රටාවක් නිරූපණය කළ ඉසිපතන විද්‍යාලයීය ක්‍රිඩකයින්, සහිරා විද්‍යාලයීය කණ්ඩායමට ලකුණු ලබා ගැනිමට ඉඩ ලබා දුන්නේ නැහැ. එහිදි කොළඹ ඉසිපතන විද්‍යාලයීය රග්බි කණ්ඩායම ලකුණු 17ක් ලබා ගනිමින් සිය ජයග්‍රහණය වාර්තා කළා.