fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ජනාධිපති මාධ්‍ය සම්මාන උළෙල අප්‍රේල් 10 වෙනිදා

ITN News Editor
By ITN News Editor මාර්තු 24, 2019 09:01

ජනාධිපති මාධ්‍ය සම්මාන උළෙල අප්‍රේල් 10 වෙනිදා

උසස් මාධ්‍ය ප‍්‍රමිතීන් දිරිමත් කිරීම සඳහා ජනාධිපති මාධ්‍ය සම්මාන උළෙල පැවැත්වීමට මූලික කටයුතු මේ වනවිටත් සිදුකරමින් පවතින බව කැබිනට් නොවන අමාත්‍ය රුවන් විජේවර්ධන මහතා ප‍්‍රකාශ කළා.

අප්‍රේල් 10 වෙනිදා බණ්ඩාරනායක සම්මන්ත‍්‍රණශාලා පරිශ‍්‍රයේදී සම්මාන උළෙල පැවැත්වීමට නියමිතයි. මාධ්‍ය විකාශන ශ්‍රේණිගත ක‍්‍රමවේදය, විනිවිද සහ විශ්වසනීය ලෙස සිදුකිරීමට විධිමත් වැඩපිළිවෙලක් ඉදිරියේදී සකස් කරන බව ද ජනමාධ්‍ය අමාත්‍යාංශ වැය ශ්‍රීර්ෂ විවාදයට එක්වෙමින් රුවන් විජේවර්ධන මහතා සඳහන් කළා. ඒ ජනමාධ්‍ය ක්ෂේත‍්‍රය සඳහා පිවිසෙන ආධුනිකයන්ට NVQ මට්ටමේ සහතික ලබාදෙන නව පුහුණු ආයතනයක් ආරම්භ කරන බව ද සඳහන් කරමින්.

පසුගිය කාලයේ ඝාතනයට ලක්වූ මාධ්‍යවේදීන්ගේ පවුල් සඳහා වන්දි ලබාදීමට ද ඉදිරියේදී කටයුතු කරන බවයි අමාත්‍යවරයා පාර්ලිමේන්තුවට ප‍්‍රකාශ කළේ.

ITN News Editor
By ITN News Editor මාර්තු 24, 2019 09:01

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්