සෑම කෙනෙකුටම ඉඩමක සින්නක්කර අයිතිය ලබා දීම වත්මන් රජයේ අපේක්ෂාව බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. මඩකලපුවේ පැවති උත්සවයකට සහභාගී වෙමින් අග්‍රාමාත්‍යවරයා මේ බව කියා සිටියා.
මඩකලපුව දිස්ත්‍රික්කයේ රජයේ ඉඩම්වල පදිංචි වී සිටින සහ ඉඩම් සංවර්ධනය කර ඇති ගොවි ජනතාව සදහා දීමනා බලපත්‍ර මෙන්ම, බලපත්‍ර ලබා දීමේ උත්සවය පැවැත්වුණේ අග්‍රාමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන්.
මෙහිදී දීමනා පත්‍ර හා බලපත්‍ර හත්දහස් දෙසීයක් ලබා දුන්නා. මේ වන විට දිස්ත්‍රික්ක රැසකම මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කර තිබෙනවා. ඒ අනුව දෙදහස් පහළොව වසරේ සිට මේ දක්වා දීමනා පත්‍ර හා බලපත්‍ර දෙලක්ෂ හතලිස් අට දහස් හතලිස් නවයක් ලබා දී අවසන්. පැවරුම් සහතික ලබා දීම සදහා දිවයින පුරා ඉඩම් පහළොස් දහසක් දැනටමත් හදුනාගෙන තිබෙනවා.
[ot-video type=”youtube” url=”https://youtu.be/07TP2BXDkRA”]
අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතා ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වුණා.
[ot-video type=”youtube” url=”https://youtu.be/F3NpBFxyhzw”]