බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ අලුගෝසු තනතුර සදහා සම්මුඛ පරීක්ෂණ ලබන 27 සහ 28 දිනවලදි පැවැත්විමට තීරණය කර තිබෙනවා.
මේ වන විට සියලු අයදුම්කරුවන් වෙත ලිඛිතව දැනුම්දි ඇති බවයි අධිිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍යාංශය සදහන් කළේ.
අලුගෝසු තනතුර සදහා පුද්ගලයන් 102 දෙනෙකු ඉල්ලුම් කර තිබුණා. විදේශිකයෙකු ද ඊට ඇතුලත්. කෙසේ වෙතත් විදේශිකයන් තෝරා නොගන්නා බැවින් එම අයදුම්පත ප්‍රතික්ෂේප කිරිමටයි බන්ධනාගාර දෙපාර්තමේන්තුව කටයුතු කළේ.