fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ඉඩායි සුළි කුණාටුවෙන් පසුව බෝවන රෝග පැතිරයාමේ අවදානමක්

ITN News Editor
By ITN News Editor මාර්තු 23, 2019 13:16

ඉඩායි සුළි කුණාටුවෙන් පසුව බෝවන රෝග පැතිරයාමේ අවදානමක්

දකුණු අප්‍රිකාවේ රාජ්‍යයන් තුනකට බලපෑ ඉඩායි සුළි කුණාටුවෙන් පසුව බෝවන රෝග පැතිරයාමේ අවදානමක් ඇතිව තිබෙනවා.

දකුණු අප්‍රිකාවේ මොසැම්බික්, සිම්බාබ්වේ සහ මලාවි යන රාජ්‍යයන්ටයි මෙම සුළි කුණාටුවෙන් බලපෑම් එල්ලවුණේ. ඉන් මියගිය පුද්ගලයින් 557 දෙනෙකුගේ සිරුරු හමුවී තිබෙනවා. මියගිය සංඛ්‍යාව තවදුරටත් ඉහළ යා හැකි බවයි එරට වාර්තා සදහන් කළේ.

ජාත්‍යන්තර රතුකුරුස සංවිධානය ඇතුළු තවත් සංවිධානයක් අනතුරු අගවා තිබෙන්නේ මැලේරියාව සහ කොලරාව යන රෝග ව්‍යාප්තවීමේ අවදානමක් පවතින බවයි. එම ප්‍රදේශවලට ආධාර ලබාදීම හෙලිකොප්ටර් යානා  යොදාගනිමින් සිදුකෙරෙමින් පවතිනවා.

 

 

 

ITN News Editor
By ITN News Editor මාර්තු 23, 2019 13:16

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්

Thank you for taking time to Vote for us at BestWeb.lk 2020

logo