මන්නාරම සමූහ මිනීවල යළි වසා දැමීමට තීරණය කෙරේ
Related Articles
මන්නාරම සමූහ මිනීවලේ කැනීම් කටයුතු මාස තුනක කාලයකට අත්හිටුවීමට තීරණය කර තිබෙනවා. මන්නාරම අධිකරණ සංකීර්ණයේ පැවති විශේෂ සාකච්ඡාවකදීයි මෙම තීරණය ගෙන තිබෙන්නේ.
පුරාවිද්‍යා හා පොලිස් නිලධාරීන් මෙන්ම මන්නාරම මහේස්ත්‍රාත්වරයා එක්ව අවසන් තීරණයක් ගැනීම සඳහා මෙම සාකච්ඡාව පැවැත්වූවා. දැනට මතුවී ඇති අස්ථි කොටස් ආරක්ෂාවන පරිදි යළි වසා දැමීමට ද අදාළ සාකච්ඡාවේදී තීරණයකර තිබෙනවා. ඇමෙරිකාවේ සිදුකළ කාබන් පරීක්ෂාවෙන් මෙම අස්ථි කොටස් ක්‍රිස්තු වර්ෂ 1456 සහ 1656 කාලසීමාවට අයත් බව හෙළිවුණා.
පසුව කැනීම් කටයුතු තාවකාලිකව අත්හිටුවීමට මන්නාරම මහේස්ත්‍රාත්වරයා නියෝග කළ අතර ඉදිරි මාස තුනක කාලය දක්වා එම කටයුතු අත්හිටුවීමට තීරණය කෙරුණේ ඊයේ (22) දිනයේදීයි.