නිවාස බිදීම් හා කොල්ලකෑම් රැසකට සම්බන්ධ පුද්ගලයින් දෙදෙනෙකු අතුරුගිරිය පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
පොලිසිය කළ වැටලීමකදී මෙම සැකකරුවන් දෙදෙනා අත්අඩංගුවට ගෙන ඇත්තේ සොරාගත් භාණ්ඩ රැසක් ද සමගින්. වැලිකඩ පොලිස් වසමේදී පැහැරගත් යතුරුපැදියකට ව්‍යාජ අංක තහඩු යොදා එය උපයෝගී කරගෙන රන්මාල කැඩීමද සැකකරුවන් දෙදෙනා සිදුකර ඇති බවයි පොලීසිය පවසන්නේ.
අතුරුගිරිය, මොරගහහේන, දොම්පේ, සපුගස්කන්ද හා මුල්ලේරියාව ප්‍රදේශවල නිවාස කොල්ලකෑම් හා රන්මාල කැඩීම් මොවුන් සිදුකර ඇති බවද මූලික පරීක්ෂණවලදී හෙලිවී තිබෙනවා. සැකකරුවන් දෙදෙනා හෝමාගම හා තලංගම ප්‍ර දේශවල පදිංචිකරුවන්.