fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

රටේ පරමාධිපත්‍යය හා නිදහස වෙනුවෙන් ජිනිවා සමුළුවේදි රජය පෙනී සිටි බව අගමැති කියයි

ITN News Editor
By ITN News Editor මාර්තු 23, 2019 09:33

රටේ පරමාධිපත්‍යය හා නිදහස වෙනුවෙන් ජිනිවා සමුළුවේදි රජය පෙනී සිටි බව අගමැති කියයි

ජිනිවා හිදි රටේ පරමාධිපත්‍යය සහ නිදහස ආරක්ෂා කිරිමට රජය කැපවූ බව අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා ප‍්‍රකාශ කළා.

2009 වසරේ එවකට පැවති රජය ජගත් සංවිධානයේ මහ ලේකම්වරයා සමඟ ගිවිසුමකට පැමිණ තිබෙනවා. එහිදි ජගත් මහලේකම්වරයා ශ්‍රී‍්‍ර ලංකාවට වගවීමේ කි‍්‍රයාවලිය මෙන්ම මානුෂීය කි‍්‍රයාවලිය පිළිබද දැනුම්දිමක් සිදුකළා.

වත්මන් රජය බලයට පත්වූ පසු රට තුළ ප‍්‍රජාතන්ත‍්‍රවාදය සහ නීතිය ස්ථාපිත කරන බවට විශ්වාසයක් ඇතිකළ බවද අග‍්‍රාමාත්‍යවරයා පෙන්වා දුන්නා. වත්මන් රජයේ ස්ථාවරය ලෝකය පිළිගෙන ඇති බවයි රනිල් වික‍්‍රමසිංහ මහතා ප‍්‍රකාශ කළේ.

මහමාන්‍ය ඩී එස් සේනානායක මැතිතුමාගේ 67 වෙනි ගුණ සමරු උළෙලට එක්වෙමින් අග‍්‍රාමාත්‍යවරයා මේ අදහස් පළකළා.

ITN News Editor
By ITN News Editor මාර්තු 23, 2019 09:33

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්