සංචාරක ශ්‍රී‍්‍ර ලංකා කන්ඩායම සහ දකුණු අපි‍්‍රකාව අතර පැවති දෙවන විස්සයි විස්ස තරඟය ලකුණු 16 කින් ජය ගැනීමට දකුණු අපි‍්‍රකා කණ්ඩායම සමත් වුණා.
කාසියේ වාසිය දිනූ ශ්‍රී‍්‍ර ලංකා කණ්ඩායම පළමුවෙන් පන්දු රැකීමටයි තීරණය කළේ. ඒ අනුව පළමුවෙන් පන්දුවට පහරදුන් දකුණු අපි‍්‍රකා කණ්ඩායම කඩුලු තුනක් දැවී ලකුණු 180 ක් රැස්කර ගත්තා. පිළිතුරු ඉනිම කී‍්‍රඩාකළ ශ්‍රී‍්‍ර ලංකා කන්ඩායමට කඩුලු නවයක් දැවී පන්දුවාර විස්ස අවසානයේ ලබාගත හැකිවූ ලකුණු සංඛ්‍යාව 164ක්.
ඉසුරු උදාන ලකුණු 84ක් වාර්තා කිරිමට සමත් වුණා. පන්දු යැවීමේදි කි‍්‍රස් මොරිස් කඩුලු තුනක් දවා ගත්තා. ඒ අනුව පැවති විස්සයි විස්ස තරඟ දෙක ජයග්‍රහණය කළ දකුණු අපි‍්‍රකා කණ්ඩායමට විස්සයි විස්ස තරඟාවලියේ ජය හිමිවුණා. දෙරට අතර අවසන් විස්සයි විස්ස තරඟය හෙට (24) පැවැත්වෙනවා.