රුපියල් කෝටි 500 දියමන්තිය සමග අත්අඩංගුවට ගත් කැලුම් ඉන්දික හෙවත් කැවුමා ලබන මස 5 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කළා. ඒ සැකකරු මහර මහේස්ත්රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුව.
ඩුබායි හි අත්අඩංගුවේ පසුවන මාකදුරේ මධුෂ්ගේ සැලැස්මකට අනුව මෙම දියමන්තිය කොල්ලකා තිබෙනවා. පසුව සිදුකළ විමර්ෂණවලදී කැලුම් ඉන්දික නැමැත්තා අත්අඩංගුවට ගැනීමට පොලිසිය සමත්වුණා.
ඔහු රැදී සිටි මොරටුව රාවත්තේ පිහිටි නිවසක තිබී හෙරොයින් කිලෝග්රෑම් 177 ක් , ටි 56 උණ්ඩ 2800 ක් සහ තවත් අවි ආයුධ කිහිපයක් සොයාගත්තා.