රුපියලේ අගය ඇමෙරිකා ඩොලරයට සාපේක්ෂව තවදුරටත් ඉහළ ගොස් තිබෙනවා.
ලෝක ආර්ථික පරිවර්තනය හමුවේ පසුගිය වසර තුළ ශ්රී ලංකා රුපියල විශාල වශයෙන් අවප්රමාණය වුණා. ශ්රී ලංකා මහ බැංකුව මෙම විනිමය අර්බුදයට විසදුම් ලෙස කෙටිකාලීන හා දිගුකාලීන වැඩසටහන් රැසක් ක්රියාත්මක කළා.
එහි ප්රතිඵලයක් ලෙස මේ වනවිට රුපියලේ අගය සැලකිය යුතු අගයකින් ඉහළ ගොස් ඇති බව මහ බැංකුව නිවේදනය කරනවා. මේ වනවිට ඩොලරයක විකුණුම් මිල රුපියල් 179යි දශම හතයි අටක් ලෙසත් ගැනුම් මිල රුපියල් 175 යි දශම නවයයි තුනක් ලෙසත් සටහන් වනවා.