fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලියේ සැලසුම් පිලිබද විශේෂ සාකච්ඡාවක්

ITN News Editor
By ITN News Editor මාර්තු 22, 2019 16:07

ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලියේ සැලසුම් පිලිබද විශේෂ සාකච්ඡාවක්

එළඹෙන  ක්‍රිකට් ලෝක කුසලාන  තරගාවලියේ සැලසුම් පිලිබද විශේෂ සාකච්ඡාවක් තේරිම් කමිටු සභාපති අසන්තද මෙල් මහතා හා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය අතර මේ වන විට පැවැත්වෙනවා.

එළඹෙන එක්දින ක්‍රිකට් ලෝක කුසලානය සදහා ශ්‍රී ලංකා සංචිතය තෝරා ගැනිම වෙනුවෙන් විශේෂ ක්‍රිකට් තරගාවලියක් ලබන මස පැවැත්වෙනවා. සුපිරි පළාත් එක්දින ක්‍රිකට් තරගාවලිය ලෙස නම් කර ඇති එය ලබන මස හතරවනදා ආරම්භ වනවා. ඊට කණ්ඩායම් 04ක් ඇතුලත්. එහිදි ක්‍රිඩකයින් දක්වන  දක්ෂතා මත එළෙඹෙන ක්‍රිකට් ලෝක කුසලාන සංචිතය සදහා ප්‍රමුඛත්වයක් ලබා දෙන බවයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සදහන් කරන්නේ.

මේ අතර ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලියේ සැලසුම් සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් මේ වන විට තේරිම් කමිටු සභාපති අසන්තද මෙල් මහතා හා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ශම්මි සිල්වා මහතා ඇතුළු නිළධාරින්ගේ සහභාගිත්වයෙන් පැවැත්වෙනවා. මෙවැනිම සාකච්ඡාක් ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රධාන පුහුණුකරු චන්දික හතුරුසිංහ මහතා සමග ඊයේ (21) දිනයේදී පැවැත්වුණා.

 

 

ITN News Editor
By ITN News Editor මාර්තු 22, 2019 16:07

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

ක්‍රිකට්- තවත් මෙතනින්

පාපන්දු- තවත් මෙතනින්

මලල ක්‍රීඩා- තවත් මෙතනින්

වෙනත් ක්‍රීඩා- තවත් මෙතනින්