නාඳුනන කාන්තා මළ සිරුරක් අද (22) පෙරවරුවේ රත්නපුර – පානදුර මාර්ගයේ කිරිඇල්ල කුරුගම්මෝදර පාලම යට තිබී ප්රදේශවාසීන්ගේ දැනුම් දීම මත කිරිඇල්ල පොලීසිය විසින් සොයාගෙන තිබෙනවා.
වයස අවුරුදු 35ත් 40ත් අතර යැයි අනුමාන කෙරෙන ඇයගේ මුඛයේ රෙදි කැබැල්ලක් ඔබා තිබුණා.
මළ සිරුරක් පාවී ඒමට තරම් මේවන විට ගගේ වතුර නොමැති නිසා මෙම කාන්තාව වෙනත් තැනක ඝාතනය කර මෙම පාලමින් අද අළුයම ගඟට දමන්නට ඇතයි පොලීසිය සැක කරනවා.
මේවනවිට රත්නපුර මහ රෝහලේ මෘත ශරීරගාරයේ හඳුනා ගැනීම සදහා මළ සිරුර තැන්පත්කර තිබෙනවා.
සිද්ධිය සම්බන්ධයෙන් කිරිඇල්ල පොලීසිය පරීක්ෂණ පවත්වනවා.