දූෂණ හා වංචා චෝදනාවක් සම්බන්ධයෙන් බ්‍රසීලයේ හිටපු ජනාධිපති මිචෙල් ටෙමර් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
2016/ 2018 පාලන සමයේ දී රියෝද ජැනයිරෝ වෙරළතීරයේ න්‍යෂ්ටික බලාගාරයක ඉදිකිරීම් අතරතුර ඇමෙරිකා ඩොලර් මිලියන 472ක මුදලක් වංචා කළ බවටයි මිචෙල් ටෙමර්ට චෝදනා එල්ලවී තිබෙන්නේ. මිචෙල් ටෙමර් මේ වන විට හැත්තෑ අටවන වියේ පසුවනවා. වැඩිදුර විමර්ශන සදහා ඔහුව රියෝද ජැනයිරෝ පොලිසිය වෙත යොමු කර තිබෙනවා.