fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

නවසීලන්ත විදේශ ඇමති තුර්කියේදි මුස්ලිම් සමුළුවකට එක්වෙයි

ITN News Editor
By ITN News Editor මාර්තු 22, 2019 13:16

නවසීලන්ත විදේශ ඇමති තුර්කියේදි මුස්ලිම් සමුළුවකට එක්වෙයි

නවසීලන්ත විදේශ අමාත්‍ය වින්ස්ටන්ට් පීටර්ස් මහතා තුර්කියට පැමිණියා. ඒ ස්ථාන්බුල් හිදි පැවැත්වෙන මුස්ලිම් සමුළුවකට සහභාගිවිම වෙනුවෙන්.

ඉස්ලාමිය එකමුතුවේ විධායක කමිටු සමුළුව සදහා රටවල් රැසක නියෝජිතයින් 57 දෙනෙකු එක්වනවා. ක‍්‍රයිස්චර්ච් හි මුස්ලිම් පල්ලි දෙකකට පසුගියදා එල්ලවූ වෙඩි ප‍්‍රහාර සම්බන්ධයෙන් ද සමුළුවේදි විශේෂ අවධානයක් යොමුවනු ඇති බවටයි විශ්වාස කරන්නෙ.

තුර්කි ජනාධිපති රිසෙප් තායිප් අර්ඩෝගාන් ද සමුළුව අමතනවා.

ITN News Editor
By ITN News Editor මාර්තු 22, 2019 13:16

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්