බෝයිං යානා 49 ක ඇණවුම ප්‍රතික්ෂේප කළ බව ඉන්දුනිසියා ජාතික ගරූඩා ගුවන් සමාගම ප්‍රකාශ කළා.
තවදුරටත් එම යානා පිළිබදව කිසිදු විශ්වාසයක් තැබිය නොහැකි බවයි එහි ප්‍රකාශකයෙකු සදහන් කළේ. සිද්ධිය පිළිබදව සාකච්ඡා කිරිම සදහා බෝයිං නියෝජිතයින් පිරිසක් ඉන්දුනිසියාවට පැමිණීමට ද නියමිතව තිබෙනවා. ඇමරිකා ඩොලර් බිලියන 4.9 ක වටිනාකමින් යුතු ගුවන් යානා මිළදි ගැනිමේ ගිවිසුමකට ඉන්දුනිසියාව 2014 වසරේ දි අත්සන් තැබු බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.
එහි එක් ගුවන් යානයක් මේ වන විටත් ගරූඩා සමාගමට ලැබී තිබෙනවා. ඉතිරි ගුවන් යානා ඇණවුම මෙසේ අවලංගු කර ඇති බවයි ඉන්දුනිසියා වාර්තා සදහන් කළේ.