fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ආර්ථික මෙන්ම ආධ්‍යාත්මික සංවර්ධනයටත් පියවර 📹

ITN News Editor
By ITN News Editor මාර්තු 22, 2019 12:14

ආර්ථික මෙන්ම  ආධ්‍යාත්මික සංවර්ධනයටත් පියවර  📹

රටතුළ භෞතික සම්පත් සංවර්ධනය කෙරෙන අතරතුර ආධ්‍යාත්මික සංවර්ධනය ද අරමුණුකර ගනිමින් ත්‍රිපිටකාභිවන්දනා සතිය ක්‍රියාවට නැංවූ බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා පවසනවා. විනයෙන් හැදියාවෙන් සහ හික්මීමෙන් යුත් යහපත් පරපුරක් නිර්මාණය කිරීමට මග පෙන්වමින් රටපුරා ජනතාව දැනුවත් කිරීමට පියවර ගෙන ඇති බවද ජනාධිපතිතුමා සදහන් කරනවා.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා මේ බව සදහන් කළේ අරලගන්විල විදුමින පිරිවෙනේ දෙමහල් සංඝාවාසය සගසතුකොට පූජා කිරීමේ උත්සවයට එක්වෙමින්. මේ සදහා රුපියල් මිලියන 16 ක් පමණ වැයකර තිබෙනවා. ආගමික වතාව්තවලින් අනතුරුවයි ජනාධිපතිතුමා දෙමහල් සංඝාවාසය විවෘත කළේ. දහම්පාසල් සිසුන් සහ පිරිවෙයන් සදහා පොතේ කට්ටල ප්‍රදානය ද මෙහිදී සිදුකෙරුණා. ජනාධිපතිතුමා වෙනුවෙන් සිහිවටන තිලිණයක් ද පිළිගැන්වුණා. විදුමිණ පරිවේනාධිවෙත පූජ්‍ය නෙතුල්ගෝලෑවේ ධම්මාලංකාර ස්වාමීන් වහන්සේ ඇතුළු මහා සංඝරත්නය ද උතුරුමැද පළාත් ආණ්ඩුකාර සරත් ඒකනායක මහතා ඇතුළු විශාල පිරිසක් ද මෙම අවස්ථාවට එක්වුණා.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන,

මේ අතර පිබිදෙමු පොළොන්නරුව වැඩසටහන යටතේ ඉදිකෙරුණු අරලගන්විල ගොවිජන සේවා මධ්‍යස්ථානය විවෘත කෙරුණේ ද ජනාධිපතිතුමා අතින්. රුපියල් මිලියන 14 ක් මේ සදහා වැයකර තිබෙනවා. පිබිදෙමු පොළොන්නරුව යටතේ රුපියල් මිලියන 139 ක් වැයකරමින් අරලගන්විල ජල ව්‍යාපෘතිය ක්‍රියාවට නැංවුණා. එම ව්‍යාපෘතිය ද ජනාධිපතිතුමා අතින් ජනතා අයිතියට පත්කෙරුණා. අරලගන්විල, අරලගන්විල බටහිර , පිඹුරත්තෑව ආදී ප්‍ර දේශ රැසකට මෙමගින් පානීය ජලය සැපයෙනවා.

 

ITN News Editor
By ITN News Editor මාර්තු 22, 2019 12:14

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්

Thank you for taking time to Vote for us at BestWeb.lk 2020

logo