පළාත් 6 කට සහ අනුරාධුර හා මන්නාරම දිස්ති‍්‍රක් වලට පස්වරුවේ වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
ඒ සබරගමුව, මධ්‍යම, බස්නාහිර, වයඹ, දකුණ සහ ඌව යන පළාත් වලටයි. ගිගුරුම් සහිත වැසි ඇති වනවිට තාවකාලික තද සුළං ද හටගැනීමේ අවදානමක් පවතිනවා. ඇතැම් ප්‍රදේශ වලට ප්‍රබල අකුණු ද ඇති විය හැකි බැවින් අනතුරු අවම කරගැනීමට පියවර ගන්නා ලෙසයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දෙන්නේ.