fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

වෙඩි ප්‍රහාරයකට ලක්වූ බෙලිඅත්ත ප්‍රාදේශීය සභා විපක්ෂ නායකවරයා ජීවිතක්ෂයට

ITN News Editor
By ITN News Editor මාර්තු 22, 2019 09:34

වෙඩි ප්‍රහාරයකට ලක්වූ බෙලිඅත්ත ප්‍රාදේශීය සභා විපක්ෂ නායකවරයා ජීවිතක්ෂයට

වෙඩි ප්‍රහාරයකට ලක්ව බරපතල තුවාල ලබා කරාපිටිය රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී බෙලිඅත්ත ප්‍රාදේශීය සභා විපක්ෂ නායක කපිල අමරකෝන් මහතා අද(22) අලුයම මියගොස් තිබෙනවා.

මියයන විට 44 වැනි වියේ පසු වූ ඒ මහතා දෙදරු පියෙක් වූ ඒ මහතා වෙඩි ප්‍රහාරයකට ලක්වුණේ බෙලිඅත්ත , මොදරවාන ප්‍රදේශයේ පිහිටි සිය නිවසේදීයි.

වෙඩි වැදීමෙන් බරපතල තුවාල ලැබූ මන්ත්‍රීවරයා තංගල්ල රෝහලට ඇතුළත්කළේ පසුගිය 20වනදායි.

පසුව වැඩිදුර ප්‍රතිකාර සඳහා කරාපිටිය රෝහලට ඇතුළත් කෙරුණා.

ගාල්ල මහේස්ත්‍රාත්වරයා අද කරාපිටිය රෝහලට ගොස් මූලික මහෙස්ත්‍රාත් පරික්ෂණය පැවැත්විමට නියමිතයි.

වෙඩි තැබීම සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ ක්‍රියාත්මක බවයි බෙලිඅත්ත පොලීසිය සදහන් කරන්නේ.

ITN News Editor
By ITN News Editor මාර්තු 22, 2019 09:34

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්