fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

සෞඛ්‍ය අංශ වලින් ගැබිණි මව්වරුන්ට දැනුම්දීමක්

ITN News Editor
By ITN News Editor මාර්තු 22, 2019 09:11

සෞඛ්‍ය අංශ වලින් ගැබිණි මව්වරුන්ට දැනුම්දීමක්

උණ රෝගය වැළදුණු ගර්භණී හෝ පසු ප‍්‍රසව සමයේ මව්වරුන්ට සෞඛ්‍ය අමාත්‍යාංශය විශේෂ දැනුම්දිමක් සිදුකරනවා. ඒ රෝගීවූ පළමු දිනයේම රෝහල්ගතවීමේ අවශ්‍යතාව පෙන්වාදෙමින්.

මේ දිනවල පැතිර යන ඩෙංගු සහ ඉන්ෆ්ලුවෙන්සා රෝග වැළදුණු ගර්භණී මව්වරුන් අනෙක් අයට වඩා අවදානම් තත්වයකට පත්විය හැකි බවයි සෞඛ්‍ය අංශ පෙන්වාදෙන්නේ. පවුල් සෞඛ්‍ය කාර්යාංශයේ වාර්තා අනුව ඉන්ෆ්ලුවෙන්සා, නිව්මෝනියාව වැළදීමෙන් මේ වසරේ මාතෘ මරණ දෙකක් සිදුව තිබෙනවා. පසුගිය වසරේදී ගර්භණී මව්වරුන් 11 දෙනෙකු මියගොස් ඇති බවයි හදුනා ගැණුනේ. 2017 වසරේදී එම සංඛ්‍යාව 41 ක්. එබැවින් ගැබිණි මව්වරුන් සෙම්ප‍්‍රතික්ෂ්‍යාව සහ උණ රෝග ලක්ෂණ පවතින පුද්ගලයන් ආශි‍්‍රතව රැඳීමෙන් වැළකීම වැදගත් බවයි සෞඛ්‍ය අංශ සඳහන් කරන්නේ.

ITN News Editor
By ITN News Editor මාර්තු 22, 2019 09:11

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්