fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

කවි කිවිඳියන් වෙනුවෙන් කවි ගම්මානයක්

ITN News Editor
By ITN News Editor මාර්තු 21, 2019 17:11

කවි කිවිඳියන් වෙනුවෙන් කවි ගම්මානයක්

කවි කිවිදියන් වෙනුවෙන් කවි ගම්මානයක් ඉදිකිරීමේ කටයුතු අද සිටම ආරම්භ කරන බව අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. කවි කලාව රැකගැනීමට රජය සෘජුවම මැදිහත් වීම අවශ්‍ය බවයි ඒ මහතා කියා සිටින්නේ.

ලෝක කවි දින සැමරුම් උළෙලට සහභාගී වෙමින් අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළා. මේ වන විට උදාගම්මාන 1926ක් ඉදිකර තිබෙනවා. ලබන සැප්තැම්බර් මාසය වන විට එය ගම්මාන 2500 දක්වා වැඩි කිරීම ඉලක්කය බවයි මෙහිදී අදහස් දක්වමින් අමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේ.

ශ්‍රී ලංකා කලා මණ්ඩලය,සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය එක්වයි මෙය සංවිධාන කළේ. මහාචාර්ය කමල් වලේබොඩ මහතා ඇතුළු සංස්කාරක මණ්ඩලයක් සම්පාදනය කළ කාව්‍ය සමීක්ෂා කෘතිය ද අමාත්‍යවරයා වෙත පිරිනැමීම මෙහිදී සිදු කෙරුණා. හිටිවන කවි තරගාවලියක් ද මීට සමගාමීව පැවැත්වුණා.

 

 

 

 

ITN News Editor
By ITN News Editor මාර්තු 21, 2019 17:11

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්