fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ලුතිනන් කමාන්ඩර් සම්පත් දයානන්ද අප්‍රේල් මස 4 තෙක් යළි රක්ෂිත බන්ධනාගාරයට

ITN News Editor
By ITN News Editor මාර්තු 21, 2019 15:11

ලුතිනන් කමාන්ඩර් සම්පත් දයානන්ද අප්‍රේල් මස 4 තෙක් යළි රක්ෂිත බන්ධනාගාරයට

නාවික හමුදා බුද්ධි අංශ නිලධාරියෙකු ලෙස කටයුතු කළ ලුතිනන් කමාන්ඩර් සම්පත් දයානන්ද යන අය අප්‍රේල් මස 4 දා තෙක් තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණය අද නියෝග කළා.

2009 වර්ෂයේ දී කොටහේන ප්‍රදේශයේ පදිංචිකරුවන් දෙදෙනෙකු පැහැර ගෙන ගොස් අතුරුදන් කිරීමට අදාල සිද්ධියක් සම්බන්ධයෙනුයි ඔහු රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින්නේ.

වඩුවේලි පක්කිලසාමි ලෝගනාදන් සහ රත්නසාමි පරමානන්දන් යන අය වැන් රථයකින් වැල්ලවත්ත ප්‍රදේශයට ගමන් කිරීමේ දී පැහැර ගැනීමට ලක් වීම සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඔවුන් අත් අඩන්ගුවට ගෙන තිබුණා.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් අත් අඩංගුවට ගත් නාවික හමුදා බුද්ධි අංශ නිලධාරි ලුතිනන් කමාන්ඩර් ධම්මික අමිල මාපා යන අය මේ වන විට ඇප මත මුදාහැර තිබෙනවා.

ITN News Editor
By ITN News Editor මාර්තු 21, 2019 15:11

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්