fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ෆින්ලන්තය ලොව සතුටින්ම සිටින රටවල් අතර යළි පෙරමුණට පැමිණෙයි

ITN News Editor
By ITN News Editor මාර්තු 21, 2019 11:29

ෆින්ලන්තය ලොව සතුටින්ම සිටින රටවල් අතර යළි පෙරමුණට පැමිණෙයි

ලොව සතුටින්ම සිටින ජනතාව ජීවත්වන රටවල් අතර යලි පෙරමුණ ගැනීමට ෆින්ලන්තය සමත්වී තිබෙනවා. ඒ එක්සත් ජාතින්ගේ සංවිධානය නිකුත් කළ නවතම වාර්තාවට අනුව. දකුණු සුඩානය ලොව අසතුටින්ම සිටින ජනතාව ජිවත්වන රට බවයි එම වාර්තාවේ දැක්වෙන්නේ.

රටවල් 156 ක ජනතාව සමීක්ෂණයට දායක කරගත්තා. ආයු අපේක්ෂාව , ආදායම , සමාජ සවිබලගැන්වීම සහ රටතුළ ඇති සොබා සුන්දරත්වය වැනි කරුණු එහිදී සැලකිල්ලට ගෙන ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා ප‍්‍රකාශ කළේ. නෙදර්ලන්තය , ස්විට්සර්ලන්තය , කැනඩාව , නවසීලන්තය සහ ඔස්ටෙ‍්‍රිලියාවද පෙරමුණේ රැදී සිටිනවා. එංගලන්තය 15 වන ස්ථානයේ රැදී සිටින අතර, ඇමරිකාවට හිමිව ඇත්තේ 19 වන ස්ථානයයි.

දකුණු සුඩාන ජනතාවගෙන් සියයට හැටක් සෞඛ්‍යාරක්ෂිත ආහාර ගැටලුවකින් පීඩා විදිනවා. මෙතෙක් පැවති යුද්ධය හේතුවෙන් රටතුළ මියගිය ගණන හාරලක්ෂය ඉක්මවන බවයි විදෙස් වාර්තා ප‍්‍රකාශ කළේ. එවැනි කරුණු මතයි දකුණු සුඩානය ලොව අසතුටුම රට ලෙස හදුනාගෙන තිබෙන්නේ. ආසියාතික රටක් වන ඉන්දියාවට හිමිව ඇත්තේ දර්ශකයේ 140 වන ස්ථානයයි.

ITN News Editor
By ITN News Editor මාර්තු 21, 2019 11:29

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්