තවත් රාජ්ය ඔසුසැල් කිහිපයක් විවෘත කිරිමට සැලසුම් කර තිබෙනවා. මාතලේ සහ දඹුල්ල නගරවල ස්ථාපනය කළ ඔසුසැල් ලබන සදුදා (25) විවෘත කරන බවයි රාජ්ය ඖෂධ නීතිගත සංස්ථාවේ සභාපති එම් එච් එම් රෝමි මහතා ප්රකාශ කළේ.
මහජනතාවට ගුණාත්මක ඖෂධ අඩුමිලකට ලබාදීමයි අරමුණ. කෑගල්ල, බදුල්ල සහ අම්බලන්තොට ප්රදේශවල ඔසුසැල් ස්ථාපනය කිරීමේ කටයුතු ද ක්රියාත්මක බවයි සභාපතිවරයා පෙන්වා දෙන්නේ.