fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

දැන් බීඩි කොළයක් වත් ගේන්න බෑ… මාට්ටු (PHOTOS)

ITN News Editor
By ITN News Editor මාර්තු 21, 2019 10:12

දැන් බීඩි කොළයක් වත් ගේන්න බෑ… මාට්ටු (PHOTOS)

ඩිංගි යාත්‍රාවක් මඟින් ඉන්දියාවේ සිට මෙරටට රැගෙන එමින් තිබූ බීඩී කොළ සහිත ගෝනි 27 ක් සමඟ පුද්ගලයින් දෙදෙනෙකු උතුරු මැද නාවික විධානයට අනුයුක්ත නාවිකයන් පිරිසක් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඊයේ (මාර්තු 20) රාත්‍රි කාලයේ තලේයිමන්නාරම ප්‍රදීපාගාරයේ සිට නාවික සැතපුම් 05 ක් පමණ දුරින් වූ මුහුදු ප්‍රදේශය ආශ්‍රිතව සිදු කළ සෝදිසි කිරීමකදීයි මෙම ජාවාරම පිළිබඳ තොරතුරු හෙළිවුණේ.

සෝදිසි කිරීම්වලදි බීඩී කොළ කිලෝග්‍රෑම් 912 ග්‍රෑම් 460 ක ප්‍රමාණයක් සොයා ගැනීමට නාවික හමුදාව සමත්ව වුණා.

අත්අඩංගුවට ගත් පුද්ගලයින් වයස අවුරුදු 32 සහ 38 වන වියෙහි පසුවන මන්නාරම, පේසාලේ ප්‍රදේශයේ පදිංචිකරුවන් බවට හඳුනාගෙන තිබෙනවා.

බීඩී කොළ තොගය සහ පුද්ගලයින් ඉදිරි පරික්ෂණ කටයුතු සඳහා යාපනය, රේගු කාර්යාලය වෙත භාර දීමට කටයුතු නාවික හමුදා නිලධාරීන් කටයුතු කළා.

ITN News Editor
By ITN News Editor මාර්තු 21, 2019 10:12

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්