ඩෙංගු මර්දන විශේෂ ක්ෂේත්‍ර වැඩසටහනක් අද සහ හෙට පැවැත්වෙනවා. කොළඹ, ගම්පහ, කළුතර, පුත්තලම සහ කල්මුණේ ප්‍රදේශවල හදුනාගත් වැඩි අවධානම් සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කොට්ඨාස 44ක වැඩසටහන ක්‍රියාත්මක කරන බවයි ජාතික ඩෙංගු මර්දන ඒකකය සඳහන් කළේ.
ත්‍රිවිධ හමුදාව, පොලිසිය සහ ප්‍රජා සෞඛ්‍ය සේවකයන්ගෙන් සමන්විත කණ්ඩායම් 570ක් ඊට දායකත්වය ලබාදෙනවා. දැනට කඩින් කඩ පවතින වර්ෂාවත් සමඟ ඩෙංගු රෝගීන් වැඩිවීමේ තත්ත්වයක් වාර්තා විය හැකි බවයි කීට විද්‍යා සමීක්ෂණ වාර්තා මඟින් පෙන්වා දී තිබෙන්නේ. එය සැලකිල්ලට ගනිමින් මෙම දෙදින ඩෙංගු මර්දන වැඩසටහන ක්‍රියාත්මක කෙරෙනවා.