fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

මන්නාරම වෙරළට ආ කෝටි දෙකක ගංජා තොගය

ITN News Editor
By ITN News Editor මාර්තු 20, 2019 17:01

මන්නාරම වෙරළට ආ කෝටි දෙකක ගංජා තොගය

මන්නාරම ඌරුමලෙයි මුහුදු වෙරලට ගොඩ ගසා තිබූ රුපියල් කොටි දෙකකට ආසන්න වටිනාකමකින් යුත් කේරල ගංජා කිලෝ 150 ක් තිබී නාවික හමුදාව විසින් අද (20) උදෑසන සොයාගෙන තිබෙනවා.

උතුරුමැද නාවික විධානයට අයත් සෙබලුන් විසින් සිදුකල සොදිසි මුර සංචාරයකදී වෙරල තීරයට ගොඩ ගසා තිබූ අදාල කේරල ගංජා තොගය හමු වී ඇති බවයි අප වාර්තාකරු පවසන්නේ.

ගෝනි 05 ක අදාල කේරල ගංජා තොගය අසුරා තිබියදී එම ගොනිද සමඟ මුහුදු වෙරලට ගොඩ ගසා තිබුණා.

ඉන්දියාවේ සිට ගෙන එන ලද අදාල කේරල ගංජා තොගය නාවික හමුදා සෝදිසි යාත්‍රා දැක එම කේරල ගංජා තොගය මුහුදට දමා සැකකරුවන් පලා යන්නට ඇති බවට නාවික හමුදාව සැක පල කරනවා.

මෙසේ හමු වූ කේරල ගංජා තොගය වැඩි දුර පරික්ෂණ කටයුතු සඳහා මන්නාරම පොලිස් විෂමත් ද්‍රව්‍ය අංශයට භාර දීමට නාවික හමුදා නිලධාරීන් විසින් පියවර ගත්තා.

ITN News Editor
By ITN News Editor මාර්තු 20, 2019 17:01

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්