fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

පෝදා රා පොවන්න හැදූ සැකකරුවෙක් අත්අඩංගුවට

ITN News Editor
By ITN News Editor මාර්තු 20, 2019 17:18

පෝදා රා පොවන්න හැදූ සැකකරුවෙක් අත්අඩංගුවට

ත්‍රීරෝද රථයකින් රජයේ අනුමත රා බෝතල් 66 ප්‍රවහනය කළ සැකකරුවෙක් ඊයේ (19) රාත්‍රියේ හැටන් පොලිසියේ අපරාධ විමර්ෂණ අංශයේ නිලධාරීන් විසින් සැකපිට අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පොහොදා වතුකරයේ අලෙවි කිරීම සඳහායි මෙම රා බෝතල් 66 ප්‍රවහනය කර තිබෙන්නේ.

හැටන් ෂැනන් ප්‍රදේශයේ රට බිම වෙළදසැලකින් සැකකරු රා බොතල් 66 මිල දී ගෙන ත්‍රීරෝද රථයකින් හැටන් වැලිඔය වත්ත දක්වා ප්‍රඅවහනය කරමින් සිට තිබෙනවා.

ත්‍රීරෝද රථය නතර කරන ලෙසට හැටන් පොලිසියේ නිලධාරින් කල නියෝගයද නොතකා සැකකරු ත්‍රීරෝද රථය නොනවත්වා ධාවනය කර, වැලිඔය වත්තේ සොහාන් බිමක ත්‍රීරෝද රථය සඟවා තිබියදි සැකකරු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පෝහොදා මත්පැන් වෙළදසැල් වසා තැබෙන නිසා සැකකරු රා බොතල් අධික මිලකට වතු කම්කරුවන්ට අලෙවි කිරිම සදහා රැගෙන යමින් සිටි බවයි වැටලීම සිදුකළ නිලධාරින් කියා සිටියේ.

ITN News Editor
By ITN News Editor මාර්තු 20, 2019 17:18

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්