fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

කර්නාටක ප්‍රාන්තයේ ගොඩනැගිල්ලක් කඩා වැටීමෙන් 3 දෙනෙකු ජීවිතක්ෂයට

ITN News Editor
By ITN News Editor මාර්තු 20, 2019 11:40

කර්නාටක ප්‍රාන්තයේ ගොඩනැගිල්ලක් කඩා වැටීමෙන් 3 දෙනෙකු ජීවිතක්ෂයට

ඉන්දියාවේ කර්නාටක ප්‍රාන්තයේ ඉදිකරමින් තිබූ ගොඩනැගිල්ලක් කඩා වැටීමෙන් පුද්ගලයන් 3 දෙනෙකු ජීවිතක්ෂයට පත්වුණා. තවත් 15 දෙනෙකු සුන්බුන් අතර සිරවී සිටින බව සහන සේවකයින් පවසනවා. කර්නාටක ප්‍රාන්තයේ දර්වද් ප්‍රදේශයේ ඉදිකරමින් තිබූ ගොඩනැගිල්ලකුයි මෙලෙස කඩා වැටුණේ. තුවාල ලැබූ 15 දෙනෙකු රෝහල් ගතකර ඇති අතර ඉන් 3 දෙනෙකුගේ තත්ත්වය බරපතල බව රෝහල් වාර්තා සදහන් කරනවා. මහල් 3 කින් යුත් මෙම ගොඩනැගිල්ල වසර 2 ක් පුරා ඉදි කරමින් තිබෙන බවයි එරට වාර්තා සදහන් කරන්නේ. ගොඩනැගිල්ල කඩා වැටීම සම්බන්ධයෙන් එරට ප්‍රාන්ත අමාත්‍යවරයා පරික්ෂණ වාර්තාවක් ද ඉල්ලා තිබෙනවා.

යුරෝපා සංගමයෙන් ඉවත් වීම හෙවත් බ්‍රෙක්සිට් ගිවිසුමෙන් ඉවත් වීමට ලබා දුන් කාලය දීර්ඝ කරන ලෙස බ්‍රිතාන්‍ය අගමැතිනි තෙරේසා මේ යුරෝපා සංගමයෙන් ඉල්ලා සිටිනවා. යුරෝපා සංගමයෙන් ඉවත්වීම සදහා බ්‍රිතාන්‍යයට තවත් ඇත්තේ දින 10 ක කාලයක් පමණයි. කෙසේ වෙතත් එම ඉල්ලීමට ප්‍රතිචාර දක්වමින් යුරෝපා සංගමය සදහන් කරන්නේ නියමිත සැලැස්මක් නොමැති නම් කාලය දිගු කිරීමට නොහැකි බවයි.

ITN News Editor
By ITN News Editor මාර්තු 20, 2019 11:40

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්